කොරෝනා ආසාදිත වූ ගණන 980 ඉක්මවයි

ඊයේ (17) දිනයේ දී තවත් ආසාදිත වූවන් 21 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් 209 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

ඊයේ (17) දිනයේ දී රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 538ක් වේ.

ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 9ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *