කොරෝනා ආසාදිත වූ ගණන 1068 දක්වා ඉහළට

අද (22) රාත්‍රී 10.00 වන විට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620ක් වේ.

තවත් පුද්ගලයින් 110 ක් සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 09ක් වේ.

මෙරට කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබීමේ අනුපාතිකය 58% වන බවත් මරණ අනුපාතකිය 0.84%ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *