Local

මත්ද්‍රව්‍යයට වැට බඳින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මඟින් ක‍්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරිම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ සාමාජික රටවල් වන ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය හා ශ‍්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව මාදක ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය නීතිවිරෝධීව ජාවාරම් කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා නීති පද්ධතියක් ස්ථාපිත කිරීමට 2008 අංක 1 දරණ මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට වෙනුවෙන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ජාවාරම් මර්දනය දේශීයව හා ජාත්‍යන්තරව දැඩි අභියෝගයක් වී ඇති මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකි නීති පද්ධතියක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇකි යෝජනාවේ දැක්වේ.

(ඩයනා උදයංගනී – ලංකාදීප)

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top