FEATURED

ආණ්ඩුව විසුරුවයි – ඡන්දය ජනවාරියේ

The young team of Franziska Hildebrand, Franziska Preuss, Vanessa Hinz and Dahlmeier clocked 1 hour, 11 minutes, 54.6 seconds to beat France

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (09) රාත්‍රියේ අත්සන් තබා තිබේ.  ඒ අනුව 2019 ජනවාරි මස මුල් සතියේදී මහමැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා කාලසීමාව ද එම ගැසට් නිවේදනයට සමගාමීව ප්‍රකාශයට පත් කරනු ඇත. බැඳුම්කර වංචාවේ මුදල් යොදාගනිමින් ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනතා අපේක්ෂාවන් හෑල්ලුවට ලක්වීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම ජනමතය විමසා බලන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් පසුගිය සිකුරාදා (09) දහවල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පියවර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම මන්ත්‍රීවරුන්ට විශ්වාස පළ කිරීමට මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවකදී අගමැති ප්‍රමුඛ පවතින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හා සෙසු අමාත්‍ය ධුර එලෙසින්ම පවතී. එමෙන්ම අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, මහමැතිවරණය පවත්වන තෙක් තම ධුරයන්හි ක්‍රියා කළ යුතුය.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වන විටම මහමැතිවරණය පැවැත්වෙන දිනය හා නාම යෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධව සඳහන් කෙරෙනවා. පසුගිය මහමැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 53ක කාලයක් තුළදියි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයද දින 60ක් තුළ පැවැත්වීමට නියමිත යැයි. රජයේ උසස් නිලධාරියෙක් රිවිර ඉරිදා සංග්‍රහය කළ විමසීමේදී පැවැසීය. මේ අතර කතානායක කරු ජයසූරිය මහතා එකම කරුණක් සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී එකිනෙකට පරස්පර අදහස් මතුකිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන හානිය රටට අහිතකර ලෙස බලපානු ඇතැයි ද අදාළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන විට සියලුම ඇමැතිවරුන්ගේ විෂය පථ ගැසට් කර අවසන් කරන්නැයි රජයේ මුද්‍රණාලයට ඉහළ බලධාරින්ගෙන් උපදෙස් ලැබි තිබිණි. ඒ වන විටත් රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂ අමාත්‍යංශය යටතට ගැසට් කර තිබිණි. මේ අතර ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය ලබානොදුන්නහොත් ව්‍යවස්ථානුකූලව කළ හැකි තවත් ‘තුරුම්පු’ තමා සතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.  ඒ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී  පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේදීය.   අදාළ ප්‍රකාශයට පසු දින එනම් සිකුරාදා කැබිනට් ඇමැති ධුර සම්පූර්ණ ජනාධිපතිවරයා එදින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව ජනවාරි 05දා හෝ ඊට ආසන්න දිනක මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ඉෂාර රත්නකාර, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, ප්‍රබෝධා හෙට්ටිආරච්චි, රන්මලී සෝමසිරි

– rivira.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top