අමීර්-අමිතාබ්ගේ චන්ඩිකම් බලන්න “Thugs Of Hindostan” නරඹන්න

1839 Philip Meadows Taylor විසින් රචනා කරන ලද “Confessions of a Thug” කෘතිය ඇසුරෙන් නිපදවන ලද “Thugs of Hindostan” චිත‍්‍රපටය මේ වනවිට ලොව වටා සිටින සියළුම සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට නැරඹීමට අවස්ථාව හිමිව ඇත. සුපිරි බොලිවුඩ් නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අමීර් ඛාන් මෙහි ප‍්‍රධාන චරිත රගපානු ලැබේ.මේ දෙදෙනා සිය සිනමා ජීවිතයේ ප‍්‍රධාන චරිත දෙකකිින් එකට මුණගැසී රගපානු ලබන්නේ ප‍්‍රථම වරටය.මෙහි කත‍්‍රිනා කයිෆ් ,ෆාතිමා ශානා ,ලොයිඩ් ඔවන් ඇතුලු නළු නිළියන් රැුසක් රංගනයෙන් දායකවේ.

“Thugs of Hindostan”සිනමාපටය අද සිට මෙරට තිරගතවීම ඇරැඹීමට නියමිතය.දේශීය ප‍්‍රදර්ශකයින් වන් ස්කෝප් සිනමාශාලා ප්‍රමුඛ සිනමාශාලා රැසක “Thugs of Hindostan” සිනමාපටය තිරතවනු ඇත. “Thugs of Hindostan” විජේ ක්‍රිෂ්ණා ආචාර්යගේ අධ්‍යක්ෂණයකි. යාශ්රාජ් සිනමා සමාගම විසින් ඉන්දියානු රුපියල් බිලියන 300ක් මේ චිත‍්‍රපටය සඳහා වියදම් කොට තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *