Sports

වොලිබෝල් කාන්තා අවසන් තරගයට යුද – ගුවන් හමුදා

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව සමත් විය. එම කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ තරග සඳහා කාන්තා කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලබා සිටි අතර මාස් කැෂුවර් ලයින්, ජාතික තරුණ සේවා සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, වරාය අධිකාරිය, නාවික හමුදාව එම කණ්ඩායම් 6 විය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස මාස් ලෙෂර් ලයින් කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර යුද හමුදාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී වට 3-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කිරීමට මාස් ලෙෂර් ලයින් කණ්ඩායම සමත් වූ අතර 25/23 ක්, 25/22 ක් සහ 25/22 ක් ලෙස එම තරගයේ ලකුණු තත්වය සටහන් විය.

පළමු අවසන් පූර්ව තරගය
ගුවන් හමුදාව විසින් වට 3-2 ක් ලෙස මාස් ලෙෂර් ලයින් කණ්ඩායම පරාජය කරන ලදි. (25/17, 25/18, 25/18)

දෙවැනි අවසන් පූර්ව තරගය
යුද හමුදාව විසින් වට 3-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි. (25/21, 28/16, 25/20)

තෙවැනි ස්ථානය තේරීමේ තරගය
මාස් ලෙෂර් ලයින් විසින් වට 3-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි. (25/23, 25/22, 25/22)

– lankadeepa

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top