ජනතාව වෙත යළි රට බාර දී තිබෙන බවත් රට ආරක්ෂා කිරීමට,ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීමට උත්තරීතර ඡන්දය ලබාදීමට ජනතාවට සූදානම් වන ලෙස ගෞරවයෙන් ආයාචනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (10) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.
මාධ්‍ය වෙත අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
අලුත් ආණ්ඩුවක් විශ්වාසනීය ලෙස ගෙන ඒමට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. මේ තත්ත්වයට හිටපු අගමැතිතුමා,කතානායකතුමා වගකියන්නට ඕන. රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය කඩා කප්පල් කොට අවුල් කොට රට අරාජික කිරීමට පාර්ලිමේන්තුවත් අරාජික කිරීමට කිසිම බලයක් නීතියක් හෝ රීතියක් ව්‍යවස්ථාවේ වගන්තියක් නැතිව කටයුතු කරන ප්‍රකාශයක් කිරීම නිසා ඇති වූ මෙම අස්ථාවර තත්ත්වය නිසා රටට යළි ජන මතය ප්‍රකාශ කරන උත්තරීතර ඡන්දය ලබාදී තිබෙනවා.
රටේ ජනතාවට එක් පැත්තකින් රට ආරක්ෂා කිරීමට,ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීමට උත්තරීතර ඡන්දය ලබාදීම නිසා ජනතවට ඊට ජනතාවට සූදානම් වන ලෙස ගෞරවයෙන් ආයචනය කරනවා. ඔබටයි දැන රට බාර දී තිබෙන්නේ.එයට වෙනත් බලවේගවලට ඇඟිලි ගැසීමට නොහැකි බවත් රටේ ජනතාව උත්තරීතර බවත් මේ ගත් තීරණයේ සැබෑ පදනම බවත් අමාත්‍යවරයා පැවසී ය.
– mawbima.lk
