FEATURED

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනතා මතය (Video)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බලතල ප්‍රකාරව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විසුරුවා හැරීමටයි කටයුතු කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 (ඇ) අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 අනු ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව සහ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධි විධාන අනුව මෙම පියවර ගනු ලැබූ බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයේ දැක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව 2019 වසරේ ජනවාරි 17 වන දින කැදවන බවත්, ලබන ජනවාරි 5 වන දා මහමැතිවරණය පැවැත්වෙන බවයි. ඊට අමතරව ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම, නොවැම්බර් 19 වන දායින් ආරම්භ වී නොවැම්බර් මස 26 වනදා මධ්‍යහ්න 12 ට අවසන් බව නියම කරන්නේ යැයි ද ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ප්‍රසාදය පළ කරමින් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී ජනතාව රතිඤ්ඤා දල්වමින් අද සිය සතුට පළ කළා.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top