හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී විපක්ෂ නායකධූරයේ වැඩ බාරගෙන තිබෙනවා.
ඒ විපක්ෂ නායක කාර්යාලය හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් තවදුරටත් අත්පත් කරගෙන සිටීම හේතුවෙනි. කතානායකවරයා විසින්ද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස නැවත නැවතත් පිළිගෙන තිබෙන තත්වයක් තුළ විපක්ෂ නායක කාර්යාලය හා නිල නිවස හිටපු විපක්ෂ නායකවරයා විසින් තම බාරයේ රඳවාගෙන තිබේ. පා.ම. එම්.ඒ. සුමන්තිරන් මහතාගේ උපදෙස් පරිදි අදාළ රඳවා ගැනීම සිදුකරන බව දෙමළ ජාතික සංධාන ආරංචි මාර්ග කියා සිටී.
Please follow and like us:
