නව පළාත් ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
බස්නාහිර පළාත් අණ්ඩුකාරධූරයට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි මහතා පත් කර තිබේ.
ජනාධිපති නීතීඥවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.
මධ්‍යම පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ සරත් ඒකනායක මහතා උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.
මේ අතර උතුරු මැද හිටපු මහ ඇමැතිවරයා වූ පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාය.
ඒ අනුව මෙතෙක් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා හිස්බුල්ලා මන්ත්‍රීවරයාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන වෙත ජාතික ලැයිස්තුවෙන් පත් වීමට නියමිතයි. පේෂල ජයරත්න මහතා ආණ්ඩුකාරධූරයට පත්වන විට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කලේය. ඒ අනුව රාජ්‍ය දැව සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයන් හිස් වී තිබේ.
