ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධිය හෙළි කළ දුෂණ විරෝධී පෙරමුණේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට තහනම් නියෝගයක් නිකුත් කළේය.
නාමල් කුමාර මහතා මීට පෙර ලබා දී තිබෙන කරුණුවලට අමතරව වැඩි දුර කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා ඇත.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය අනුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.
