කැබිනට් අමාත්‍යධුර හා අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව දැනට කැබිනට් අමාත්‍යධුර දරන දෙදෙනකු ඉවත් වී ඒ සඳහා අලුතෙන් අමාත්‍යවරුන් පත් කිරීමට නියමිත බවද එම එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර අවශ්‍ය විටෙක ඉල්ලා අස්වන බවට පොරොන්දු වී අමාත්‍යධූර ලබාගත් තිලක් මාරපන, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඉවත්වී අලුතින් පත්වීමට නියමිත කැබිනට් ඇමැතිවරුන් සඳහා අවස්ථාව ලබාදීමට නියමිත බව වාර්තා වේ.
දිගින් දිගටම අමාත්‍යධූර ඉල්ලා සටන් කරමින් සිට පසුව අමාත්‍යධූරයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දුරකතන සංවාද පවා මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාරට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළ අතර කැබිනට් අමාත්‍යධූරයක් ලබා දීමට පොරොන්දුවී සහය ලබා ගත් වී. රාධාක්‍රිෂනන්ටද අමාතධූරයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රංගෙ බණ්ඩාරගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට ඒ බවක් මෙතෙක් දන්වා නොමැති බවයි.
මීට අමතරව තනතුරු නොදෙන්නේ නම් ස්වාධීන වන බව කියූ පිරිසටද රාජ්‍ය ඇමැති ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිතය. ඒ අනුව හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි, චාමින්ද විජේසිරි, හර්ෂණ රාජකරුණා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් හා අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුවක් පිහිටු වූ පසු කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30ක් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40ක් නොඉක්ම විය යුතු බව සඳහන් වේ.
මේ අතර අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රයද වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පැවසේ. ඒ අනුව දැනට වැඩිම විෂයන් ප්‍රමාණයක් ඇතුළත්ව මුදල් කෘෂිකර්ම, ජාතික ආර්ථික කටයුතු කර්මාන්ත, වැවිලි කර්මාන්ත, නිවාස යන අමාත්‍යාංශ යටතේ අයත් විෂයයන් වෙනස් කර ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට එම විෂයයන් ගැසට් කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යධූරය දරන රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය යටතටද, ලිත්‍රෝ සමාගම රවී කරුණානායක අමාත්‍යවරයා යටතටද නාගරික සංවර්ධන අධිකාරිය චම්පික රණවක අමාත්‍යවරයා යටතටද පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර තමන්ට අමාත්‍යධූරයෙන් ඉවත් වීමට කිසිඳු කැමැත්තක් නොමැති බව මලික් සමරවික්‍රම හා තිලක් මාරපන යන මහත්වරුන් ජනාධිපතිවරයාට රහසිගතව දන්වා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.
