ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද(05) මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාම මෙහි අරමුණ වෙයි. ක්‍රිස්තු පූර්ව 03 වන සියවසේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස උරුම වූ ථෙරවාදි ත්‍රිපිටකය රාජ්‍ය ගෞරවය ලබමින් ශත වර්ෂ ගණනාවක් මෙරට තුළ පෝෂණය විය. විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඩ කර ඇත්තේ ද මාතලේ අලුවිහාරයේදී බව සඳහන්ය.
මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමිව දිවයින පුරා විරාස්ථානවල දි ආගමික වතාවත් සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටින ලදි.
