ලසිත් මාලිංග හා තිසර පෙරේරා අතර යම් මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම තත්වය ක්‍රීඩා පිටියටද ගෙන එමින් අවසාන පන්දුවාර දෙක යැවීම සඳහා ලසිත් මාලිංග විසින් තිසර පෙරේරාට ලබා දීම කාගේත් කතාබහට ලක්වූ කරුණක් විය. එහිදීද තිසර පෙරේරා අසාර්ථක වෙමින් අවසන් පන්දුවාර දෙකට ලකුණු 34ක් ලබා දී තිබේ.
කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 320ක ඉලක්කය හඹායාමේදී තිසර පෙරේරා ලකුණු 140ක් ලබා ගැනීමට සමත් විය. එය තිසර විසින් ලසිත් මාලිංගට පිත්තෙන් ලබා දුන් පිළිතුරක් ලෙස විචාරකයින් පවසයි. කෙසේ වෙතත් දැඩි තරඟයකින් පසු සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 298ක් පමණි.
Please follow and like us:
