ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කළ නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති කීර්ති දිසානායක අද (07) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව පිළිබඳ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුල්වරට රටට හෙළිකළ අතර ඉන් අනතුරුවද වැඩසටහන් ගණනාවක් ඔස්සේ නෙත්.එෆ්.එම් බැලුම්ගල හරහා ජනතාවට ඔහුගේ මහා පරිමාන වංචාවන් පිළිබඳව කරුණු පැහැදිළි කළා.
එහිදී නමෝ නාරායන ආයතනයෙන් මිලදීගත් වාලම්පූරියක් නෙත්.එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම විසින් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය වෙත ලබා දී එහි පරීක්ෂණ වාර්තාවක් ලබා ගත් අතර එමගින් තහවුරු එය Busycon Contraium යන මුහුදු බෙල්ලන් විශේෂයක් බවයි.
කීර්ති දිසානායක නමැති මෙම පුද්ගලයා විසින් ඇතැම් මාධ්‍යයන්ට අධික ලෙස මුදල් ගෙවා සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමත් සමඟ ඔහුට රැවටී සිය වටිනා මුදල් විනාශ කරගත් බොහෝ නෙත්.එෆ්.එම් බැලුම්ගල වෙත සිය අත්දැකීම් ප්‍රකාශ කළා. මේ සියළු කරුණු සමඟ අපගේ පසුගිය වැඩසටහන් ඇතුලත් වීඩියෝ පහතින්.
– නෙත්
