උතුර, සබරගමුව සහ ඌව පළාත් සදහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස පෙනී සිටි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය
ඒ අනුව මේ වන විට ආණ්ඩුකාරවරුන් 8 දෙනෙකු පත් කර තිබෙන අතර මීට පෙර ආණ්ඩුකාරධූර දැරූ කිසිවෙකුට යළි ආණ්ඩුකාරධූර නොලැබී තිබීම විශේෂයි. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු පත් කිරීමට නියමිත බව “සත්දින”ට වාර්තා වේ.
1. බස්නාහිර පළාත – අසාද් සාලි
2. මධ්‍යම පළාත – මෛත්‍රී ගුණරත්න
3. උතුර පළාත – සරත් ඒකනායක
4. නැගෙනහිර පළාත – එම්.එල්.ඒ. හිස්බුල්ලා
5. වයඹ පළාත – පේෂල ජයරත්න
6. උතුරු පළාත – සුරේන් රාඝවන්
7. සබරගමුව පළාත – ධම්ම දිසානායක
8. ඌව පළාත – කීර්ති තෙන්නකෝන්
