ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව නිවේදනය කළ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) එම පත්වීම සිදුකර ඇති බව වාර්තා වේ.
බදවා ගැනීමේ පාඨාමාලා අංක 19 යටතේ 1984 මාර්තු මස 05 වැනි දින යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්ව ඇත. ශවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වැනි සේනාංකයට අණදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂීය මෙහෙයක් ඉටුකළ දක්ෂ නිලධාරියෙක් ලෙස සැළකේ. ඒ මහතා වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම, රණශූර, උත්තම සේවා ඇතුලු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇත.
1964 වසරේ උපත ලැබූ ඔහු තවමත් 54 වියැති නිලධාරියෙකු වුවද යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. මේ වන විට හමුදාපතිවරයාට පමණක් දෙවෙනි වන තනතුරට පත්ව ඇති හෙයින් ඔහු හමුදාපතිධූරයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම ඔහු ජනතා ආකර්ෂණය ලැබූ නිලධාරියෙකු වීමද විශේෂත්වයකි.
