Breaking News – ඌව නව ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඉවත් කෙරේ – පළාත් 9ටම ආණ්ඩුකාරවරුන් පත්කර අවසන්
ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කළ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කර දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබෙනවා.
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා යළිත් එම ධූරයටම පත් කිරීම ඊට හේතුවයි. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් වන මාර්ෂල් පෙරේරා මහතා පමණක් හිටපු ආණ්ඩුකාරවරුන් අතුරින් යළිත් පත්ව තිබෙන එකම ආණ්ඩුකාරවරයා ලෙස වාර්තා වෙනවා. ඒ අනුව පළාත් 9 සඳහාම නව ආණ්ඩුකාරවරුන් පත් කර අවසන්. සම්පූර්ණ ලැයිස්තුව පහළින්.
1. බස්නාහිර පළාත – අසාද් සාලි
2. මධ්‍යම පළාත – මෛත්‍රී ගුණරත්න
3. උතුර පළාත – සරත් ඒකනායක
4. නැගෙනහිර පළාත – එම්.එල්.ඒ. හිස්බුල්ලා
5. වයඹ පළාත – පේෂල ජයරත්න
6. උතුරු පළාත – සුරේන් රාඝවන්
7. සබරගමුව පළාත – ධම්ම දිසානායක
8. දකුණු පළාත – කීර්ති තෙන්නකෝන්
9. ඌව පළාත – මාර්ෂල් පෙරේරා