නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
කැබිනට් නොවන අමාත්‍යවරු
රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය
වී. රාධක්‍රිෂ්නන් මහතා – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.
කැබිනට්ධූරයක් බලාපොරොත්තුවෙන් සිටි රාධාක්‍රිෂ්නන්ට කැබිනට් නොවන අමාත්‍යධූරයක් ලබා දී තිබීම විශේෂ සිදුවීමක් වන අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කිරීමට නියමිතව සිටියද ඔහු ඊට කැමැත්තක් නැති බව අගමැතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.
