FEATURED

ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කරපු පාලකයා මහින්ද රාජපක්ෂ – ෆ්‍රෙඩී ගමගේ

කළු හැඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් පිරිසක් පෙරේදා (10) පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේත් බිමල් රත්නායක මහතාගේත් “කළු මාධ්‍ය” පිළිබඳ ප්‍රකාශයෙන් දින 20 කට පසු ඔවුන් මෙලෙස පැමිණියේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට විරෝධය දක්වමිනි.

මෙයින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ පවසා සිටියේ ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කරපු පාලකයා වූයේ මහින්ද රාජපක්ෂ බවයි.

විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ එදින දහවල් 12 ට පමණ ය. විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරයේ සටහන්ව තිබිණ. එම පිරිස තමන් හඳුන්වා ගත්තේ,

  1. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
  2. අලුත් පියාපත්
  3. අලුත් පරපුර
  4. මාරුතයේ හඬ
  5. දිදුලන හදවත
  6. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
  7. වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
  8. සාධු ජනරාව
  9. නැගී සිටිමු ශ්‍රී ලංකා
  10. චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය
  11. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව
  12. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයින්
  13. සම බිම යන සංවිධානවලට අයත් සාමාජිකයින් ලෙසයි.

මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් භාර ගන්නා ලෙසට සිරස ආයතනයට දන්වා තිබේ. නමුත් සිරස ආයතනය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ විදර්ශන කන්නන්ගර හා සිරස මාධ්‍යවේදීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ පිරිස පසුව මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට ද ගොස් තිබේ. එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් පිරිස මව්බිම කාර්ය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකිනි. පැමිණි පිරිස එක් පසෙක සංවිරෝධය දක්වද්දි මව්බිම සේවක පිරිස තවත් පසෙක ප්‍රතිවිරෝධය දක්වන්නට විය.

මාධ්‍ය නිදහස් පිළිබඳව කථා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරී හේවාවසම් මහත්මිය සිද්ධිය වාර්තාකරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනාත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වූවා ය.

මව්බිම කාර්ය මණ්ඩලයේ හූ හඬ මධ්‍යයේ විරෝධතාකරුවෝ විසිර ගියහ. මෙම විරෝධතාකරුවන් එදින දවස පුරා විවිධ මාධ්‍ය ආයතන ඉදිරිපිට ඔවුන්ගේ විරෝධතාවය දක්වන ආකාරය දක්නට ලැබිණ.

චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ අදහස් පහතින්.

18,465 Views
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top