FEATURED

කැබිනට් අනුමැතියත් හිමි වෙයි, ත්‍රිපිටකය ලෝක උරුමයක් වීමට තවත් පියවර දෙකයි

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලෝක බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවයි. ඉන්පසුව ඊට අදාළ නිල අයදුම්පත යුනෙස්කෝවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යුනෙස්කෝ සංවිධානයේ පරීක්ෂණයන්ට අනතුරුව යුනෙස්කෝව මගින් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට වන ප්‍රකාශයක් නිකුත් කළ යුතුව ඇත.

මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (14) ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වා ගෙන යෑමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මග පෙන්වීම මත ථෙරවාදි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය පසුගිය ජනවාරි 05 වැනි දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top