2019 වසරේදී කළ වැටලීමකින් අල්ලා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය ඊයේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදී අල්ලා තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි හයකට අධිකයි. ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකරුවෙකු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි පුද්ගලයකු වන අතර අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අදාළ සැකකරු විසින් අදාළ ප්‍රදේශයේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ පුතෙකුගේ නම සඳහන් කර තිබෙන බව වාර්තා වේ. ඒ පිළිබඳවද පොලීසියේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බවද වාර්තා වේ.
Please follow and like us:
