FEATURED

මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

විපක්ෂ නායකධූරයට පත්වී බොහෝ කලක් ගතවුවද හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා එම්. ඒ. සුමන්තිරන් මහතාගේ උපදෙස් මත අදාළ කාර්යාලය හා නිල නිවස බලෙන් රඳවා ගෙන සිටි අතර කතානායකවරයා විසින් විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පිළිගන්නා බව යළි යළිත් කීම හේතුවෙන් ඔවුන්ට එය බාර දීමට සිදු ව තිබෙනවා.

අද උදෑසන සුබ මොහොතින් නව කාර්යාලයේ රාජකාරි ඇරඹූ මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයේ විපක්ෂ නායක ධූරයක් දැරීමෙන් අනතුරුව ජනාධිපතිවරයෙකු ලෙස පත් වී නැවත විපක්ෂ නායකධූරයට පත් වූ ආසියාවේ එකම දේශපාලනඥයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top