ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත. ඒ වරාය කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.
නව සභාපති වරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් සිය රාජකාරි ආරම්භ කළේය. ඔහු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහෝදරයෙකු වේ.
කාවන් රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. නව රජය පත් වීමෙන් අනතුරුව ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරයට ඔහු පත් වූ අතර ඉන්පසුව ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිධූරය හෙබවීය.
මෙම අවස්ථාවට වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී විය.
Please follow and like us:
