ධම්මික පෙරේරා යනු ශ්‍රී ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකයා බව අවිවාදයෙන් යුක්තව සියලු දෙනා පිළිගනී. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ වාර්තාවන කෝටිපති ලැයිස්තුවේ අංක එකේ සිටින පුද්ගලයාද වේ.
දෙරණ ආයතනයේ මව් ආයතනය ලෙස හැඳින්වෙන දැවැන්ත ප්‍රචාරණ ආයතනයක් වන ට්‍රයි ඇඩ් සමාගම ප්‍රතිරූප ගොඩ නැගීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින ආයතනයකි. ධම්මික පෙරේරා සිය ප්‍රතිරූපය ගොඩ නැගීම බාර දී තිබෙන්නේ ද ට්‍රයි ඇඩ් ආයතනයට බව “සත්දින”ට වාර්තා වේ.
කරුණු වාර්තාවන පරිදි ඉදිරියේදී ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් යුතුව පස් අවුරුදු ප්‍රචාරක ව්‍යාපාරයක් ගොඩ නැගීමට ධම්මික පෙරේරා මහතාට අවශ්‍ය වී ඇති බව වාර්තා වේ. එහිදී අදියර කිහිපයකින් ඔහු ජනාධිපතිධූරය දක්වා පැමිණීමට අපේක්ෂා කර ඇතැයි ද වාර්තා වේ. මෙම ව්‍යපාරය හරහා විවිධ අදියරවලදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර පළමු ඉලක්කය වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත්වීමයි.
ඒ තුළින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නැගීමට දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් මේ වන විටත් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. ඒවා අතර ක්ෂණික ණය ගෙවීමේ ක්‍රම වෙනුවෙන් සකස් කරන ආර්ථික වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ඒ සම්බන්ධයෙන් නම් දැරූ ජාත්‍යන්තර ආයතනයකට ලබා දී ඇතැයිද වාර්තා වේ. ඒ සියල්ල මාධ්‍ය මගින් ධම්මික පෙරේරාගේ ප්‍රතිරූපය ගොඩ නැගීම වෙනුවෙන් යොදා ගන්නා ආකාරය ද මේ වන විටත් සැළසුම් කර ඇතැයිද සඳහන්.
මේ වෙනුවෙන් ට්‍රයිඇඩ් ආයතන සිය දෙරණ මාධ්‍ය ජාලය යොදා ගැනීම සියලු දෙනාට නිරීක්ෂණය කළ හැකි අතර මේ කෙටි කාලය තුළ දෙරණ වැඩසටහන් කිහිපයකටම ඔහු සහභාගී වී තිබෙනවා. ඉදිරියේදී දෙරණ මාධ්‍ය ජාලයෙන් ඉදිරියට ගොස් හිරු සළකුණ වැඩසටහන ඇතුළු වැඩසටහන් මාලාවකට ධම්මික පෙරේරා මහතා සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
ඔහුගේ ඉලක්කය වී ඇත්තේ 2025 වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගත් ජනප්‍රියත්වය ලබා ගැනීමය. නව පක්ෂයක් ගොඩ නැඟීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඔහුට අවශ්‍ය වී ඇතැයිද වාර්තා වේ.
(මෙහි නම් සඳහන් කිසියම් පාර්ශවකට කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අප හැම විටම බැඳී සිටින බව සඳහන් කළ යුතු අතර ඔබට යම් පැහැදිලි කිරීමක් හෝ නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් අදාළ පැහැදිලි කිරීම sathdina.lk@gmail.com වෙත යොමු කිරීමට කාරුණික වන්න)
