සිංහරාජ ලෝක උරුමය වනසන ජනාධිපති දිලීරය නමින් වාර්තාවක් ෆේස්බුක් සමාජ ජාලය තුළ පළ කෙරී තිබෙනවා. ඒ 2019.01.20 දින ලංකා ඉරිදා පුවත්පතේ පළ වූ වාර්තාවක් උපුටා දක්වමිනි. එයි චෝදනා කෙරෙන්නේ සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන මාවතකින් සිංහරාජය වැනසී යන බවත් ඊට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකිවයුතු බවත්ය. පහතින් දැක්වෙන්නේ එම වාර්තාවේ උපුටා ගැනීමයි. එය කියවීම අදාළ පුවතේ සත්‍ය අසත්‍යතාවය සොයන ඔබ සඳහා වැදගත් වනු ඇති බව අපගේ හැඟීමයි. කෙසේ නමුත් අදාළ වාර්තාවේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සඳහන් වුවද ජනාධිපතිවරයාගේ පාර්ශවයේ කරුණු දැක්වීමක් අඩංගු නොවන බැවිනුත්, භාවිතා කර ඇති භාෂා විලාශයත් හේතුවෙන් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවටද ඇතැමෙකු චෝදනා කර තිබෙන අයුුරු නීරීක්ෂණය විය.
උපුටා ගැනීමයි.
ඇමැතිවරයාගේ කතාව
සිංහරාජ රක්ෂිත වනාන්තරයට කිසිදු හානියක් සිදුකරන්නේ නැත. රක්ෂිතයේ එක තණකොළ ගහකටවත් අත තියන්නේ නැත. අපි කරන්නේ රක්ෂිතයෙන් පිට වැඩකි. ඒත් අපි රක්ෂිතයට කොයිතරම් ආදරේද, ගහකොළ-සතා-සීපාවා රකින්නට කොතරම් බැ`දී සිටින්නේද කියන්නේ නම් රක්ෂිතයෙන් පිට පවා ගස් කපන්නේ නැත. පාරක් නම් හදන්නේය. ඒත් ගස් කපන්නේ නැත. මේක පරණ තිබුණු පාරකි. ඒ පාර ටිකක් ශුද්ධ පවිත‍්‍ර කිරීමක් පමණක් කරන්නේය. ඒ ද ආගම දහම හරියට රකින්නට අවශ්‍ය නිසා ය. හැම ආගමකම කියන්නේ වැඩිහිටියන්ට සලකන්නට කියාය. වැඩිහිටියන්ට සිංහරාජයට යන්නට හො`ද පාරක් අවශ්‍ය වේ. එය අඩි අටක්-දහයක් විශාල විය යුතුය. ඉන්ටර්ලොක් ගල් අල්ලා ලස්සනට තිබිය යුතුය. අනෙක් අතට සංචාරක ආකර්ශනය දිනාගන්නට නම් මේ ලස්සන අනිවාර්ය ය. එහෙම නැති වුණොත් සිංහරාජයට සංචාරකයන් එන්නේ නැත. ඒ කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේය. බඩු මිල ඉහළ යන්නේය.
ඊළ`ගට මේ වැඩෙන් ප‍්‍රදේශයේ ජනතාවට සැලසෙන සෙත ය. මේ පාර ගල් අල්ලා හැදුවාට පසු හතර කොණෙන් සංචාරකයන් පිරෙන්නේය. එයින් ප‍්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු වන්නේය. ව්‍යාපාරික අවස්ථා වැඩි වන්නේය. මේ නිසා මේ ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම ඇත්තටම ගත්තොත් ආණ්ඩුවේ හෝ ලෝක බැංකුවේ හෝ අවශ්‍යතාවක් මත සිදුකරන්නක් නොවේ. ප‍්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමකි.
පරණ පාරක්ද?
පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම කියන ඒ කතාව ඇත්ත ය. මේ සිංහරාජය මායිමේ පිහිටි පරණ පාරකි. හැත්තෑ දෙකේ පමණ සිංහරාජයේ අක්කර දෙදහසක් කැපුවේය. ඒ සමගි පෙරමුණු ආණ්ඩුවේ අමන තීන්දුවක් ය. තුනී ලෑලි සංස්ථාවට ලී ගෙනාවේ සිංහරාජයෙන් ය. කොස්ගම, සාලාව ප‍්‍රදේශයේ පුපුරා ගිය පතරොම් ගබඩාව තිබූ තැන කලින් මේ තුනී ලෑලි සංස්ථාව පිහිටියේය. ඒ කාලේ සිංහරාජයේ මේ හරියේ කොළඹ වගේ සෙනග ගැවසුණා, වාහන එහෙ මෙහෙ ගියා යනුවෙන් කියන්නේ කුඩව වැඩිහිටියෙකි.
ඒ වන විට සිංහරාජය ලෝක උරුමයක් තියා ජාතික උරුමයක්වත් නොවේ. ඉතින් මේ ගස් කැපිල්ලට කවුරු විරුද්ධ වෙන්නද? අර වැඩිහිටියා තවත් කතාවක් කියන්නේය. ‘කැලේ හි`දීගෙන ගියෙ ඒ වැඩෙන්. අපි හිතුවෙ අපිට දර කෑල්ලක්වත් කපන්න කැලෑ කොටසක් නැති වෙයි කියලා.’
නීති හදන්නේ මොකටද?
පරණ පාරක් තිබුණු පලියට ඒ හැමතැනම පාරවල් කැපිය හැකි නම් අලූතින් නීති හැදීමේ තේරුමක් නැත. එසේ නම් සිංහරාජය හෝටලයකට දී අතපිසදා ගන්න එක ඊට වඩා හො`ද ය. විල්පත්තුවේ කැලය කපන වෙලාවේත් ගෙනාවේ ඔය තර්කයමය. මිනිස්සු ශිෂ්ඨ වෙන්නේ කුමකටද? කාලයට අනුව, අවස්ථා අනුව සියල්ල වෙනස් වන බව ඔවුන් දන්නේය. ඒත් ප‍්‍රදේශවාසීන් සහ සමස්ත ජනතාව රැුවටීමට බොරු කියන්නේය.
ඔබේ නිවස තියෙන තැන මීට අවුරුදු පනහකට පෙර පාරක් තිබුණා විය හැකිය. එසේ කියා දැන් ඒ පාර හදන්නට ගේ කඩන්නට ඔබ ඉඩ දෙනවාද? මේ වෙලා තියෙන්නේද ඒක ය. වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේද පරණ පාරේ කතාවමය. ඇමැති නම් කමක් නැත. අධ්‍යක්ෂ ජනරාලූත් ඒ පාරේ යන්නේ සැලසුමකටය. මේ වැඩෙන් ගස් කැපෙන්නේ නැති බවත්, කිසිදු නීතිවිරෝධී වැඩක් මෙතැන කෙරෙන්නේ නැති බවත් ඔවුන් කියන්නේය. ඔවුන් කියන දේට එහා කිසිදු ප‍්‍රශ්නයක් නොනැගූ මාධ්‍යවේදීහු ද එය ඒ ආකාරයෙන්ම වාර්තා කළෝය. ‘දැක්කනෙ අපි ගස් කපලා නෑ?’ ඇමැතිවරයා එසේ කියන විට ‘ඔව්, ඔව්. කපලා නෑ’ කියනවාට වඩා මෙතැන මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද වගේ කතාවක් කිසිවකු අහන්නේ නැත. නීති හදා ඇත්තේ මේවා රකින්නටය. ලස්සන වචන වලට අහු නොවුණාට මේ වැඩ නීතියට වැරදිය. ස්වභාව ධර්මයටද වැරදිය. හරියට මේ වගේය.
උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කළ කාලයේ එහි පරිසර ඇගයීම් වාර්තාවේ ගැටළු ඇති බවත්, මෙය පසුකාලීනව ව්‍යසනයක් වන බවත් ලීවෙමු. ඒ ගැන කතා කරන්නට ජනතාව හමු වූ විට ඔවුහු අපට ගහන්නට ආහ. ‘දවසෙ කුලිය හම්බෙන්නෙ රුපියල් දාහයි. අපිට උමා ඔයේ ඉරාන කොම්පැනියෙන් දෙදාහක් ගෙවනවා. ඒකට ඉරිසියා කරන්න එපා.’ ඔවුහු එසේ කීහ. එහෙත් ඊට අවුරුදු පහකට පසු ඒ ජනතාවගේ ගෙවල් මැදින් පුපුරා ගියේය. කාමර මැද්දේ ආවාට හැදුණේය. ළිං හි`දුණේය. තවත් බොහෝ ව්‍යසන සිදු විය. එය ජනතාවගේ වරදක් නොවේ. ජනතාවට බොරු කියමින්, සුරංගනා ලෝක මැවූ දේශපාලනඥයන්ගේ වරදකි. උමා ඔයේ නීති කැඩිල්ලෙන් දේශපාලනඥයන්ට සිදු වූ කිසිදු හානියක් නැත.
කුඩව පිවිසුම් මාර්ගය
කලවාන, වැද්දාගල පසු කොට කුඩව ප‍්‍රදේශයට යා හැකිය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලයේ සිට සිංහරාජ අධිරක්ෂිතයේ පිවිසුමට කිලෝමීටර් එකයි දශම දෙකක් පමණ ඇත. ඒ දුර කලින් ගිය පාරය, මේ ඉන්ටර්ලොක් ගල් අල්ලා හදන්නේ. ඇතුළුවීම තහනම් කර ඇත්තේ. එච්චරටම වහගෙන ඔය කියන තරම් ලස්සන පාරක් හදන එක අපරාදේ ය. ලස්සන දේ බලන්නට කවුරුත් කැමැතිය.
ඒ පාරේ ගැටළු ඇත. පාර කැඞීගොස් තිබිණි. වැස්ස දවසට මඩ වෙන්නේය. ඒත් මේ එන්නේ කැලෑවටය. කැලෑව වි`දින්නට ය. කැලෑවේ කැලෑ ගතිය වෙනුවට, කොන්ක‍්‍රීට් ගතියක් ගෙනා විට සංචාරකයන් මෙයින් ඈත් වන්නේය. ඒ කියන්නේ ප‍්‍රදේශයේ ජනතාවගේ බිස්නස් හිෙ`දන්නේය.
අනෙක් අතට වැඩිහිටියන්ට හෝ සනීපෙට සිංහරාජ රක්ෂිත පිවිසුම ළ`ගට යන්නට අවශ්‍ය අයකුට හෝ කුඩව ගම්මානය මැදින් කිලෝමීටර් තුනක දුරකින් වාහනයෙන්ම එතැනට යා හැකිය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල ඒ ගමනට සූදානම් කෙරුණු වාහන ඇත. ඔවුන්ගේ ගණන රුපියල් තුන්දහස් පන්සීයකි. ඒ ගණන ගෙවා සනීපෙට යෑම හෝ කිලෝමීටරයක් පයින් යෑම යන විකල්ප දෙකෙන් එකක් තෝරාගත හැකිය. ගම හරහා වාහනයෙන් යන අය ගමේ කඩයකින් මොනවා හෝ ගන්නේය. ඒත් නියෝජ්‍ය ඇමැතිවරයා කියන විදිහට මේ පාර හැදුවත් වාහන යන්නට දෙන්නේ නැත. කඩයක් දාන්නට දෙන්නේ නැත. ඒකෙනුත් අවාසිය වෙන්නේ ප‍්‍රදේශවාසීන්ටය. ගම මැද්දෙන් යන පිරිස තවත් අඩු වේ.
පවුල් කිහිපයකට මේ පාරෙන් එහා මෙහා යා හැකි බවද ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසා තිබිණි. එයද අසත්‍යයකි. මේ කියන කොටසේ පදිංචිව සිටින්නේ පවුල් තුනක් පමණි. ඒ සිංහරාජයේ උපන්, සිංහරාජය ගැන සියල්ල දන්නා මාටින් විජේසිංහ හෙවත් මාටින් මාමාගේ පවුල, ඔහුගේ දියණියගේ පවුල සහ තවත් පවුලකි. මේ පවුල් තුනම පවසන්නේ තමන්ගේ සියලූ අවශ්‍යතා ස`දහා ගමට යන්නේ පෙර කී වාහන යන පාරෙන් බවයි. එනම් අලූත් පාරක් තමන්ට අවශ්‍ය නැති බව ඔවුහු කියති. මාටින් මාමා එය ප‍්‍රසිද්ධියේම කියති. හැත්තෑ දෙකේ සමගි පෙරමුණු ආණ්ඩුව සිංහරාජය කපමින් කළ විනාශය ඇසින් දුටු ඔහු යළිත් එවැන්නකට පාර කැපීම කිසිසේත්ම අනුමත නොකරයි. ඒ ශිෂ්ඨාචාරගත මිනිසුන් හිතන ආකාරයයි.
ඉලෙක්ටි‍්‍රක් කාර්
ඉන්ටර්ලොක් ගල් අල්ලා නීතිවිරෝධීව හදන මේ මාර්ගයේ විදුලිබලයෙන් ක‍්‍රියා කරන වාහන ගමන් කරවන බව පරිසර නියෝජ්‍ය ඇමැතිවරයා කියා තිබිණි. ඒවා පරිසර හිතකාමී බවත්, අපි මේ සියල්ල කරන්නේ පරිසරයේ කුරා-කුහුඹුවකුටවත් හානියක් නොවන ලෙස බවත් කියන්නට ඔහු බොහෝ වෙහෙස වෙයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ඇති අමාත්‍යංශයක නියෝජ්‍ය ඇමැති වූ විට ඔය කොන්ත‍්‍රාත් කරන්නට සිදු වේ.
ඒ කියන්නේ වාහන යන්නට පාරක් තිබියදී, මේ කිලෝමීටරයක දුරක් යන්නට ඉලෙක්ටි‍්‍රක් කාර් දමන්නට පාරක් හදන්නේය. ලෝක බැංකුවෙන් ලබාගන්නා ඇමරිකානු ඩොලර් මිලියන හතළිස් පහක ණය මුදලක් මෙසේ රක්ෂිත දොළහක සංචාරක සංවර්ධන ව්‍යාපෘති නමින් සිදු කිරීමට සැලසුම් කර ඇති අපරාධ වලට වැය කරන්නේය. සිංහරාජයේ මේ ඉන්ටර්ලොක් ගල් පාරත්, ඉලෙක්ටි‍්‍රක් කාර් කතාවත් එයින් එකකි.
මෙයින් හො`දින්ම පැහැදිලි වන්නේ මේ ඉලෙක්ටි‍්‍රක් කාර් කිලෝමීටරයෙන් නම් නොනවතින බවය. ඒ කියන්නේ පිවිසුමෙන් ඇතුළටද වාහන යවන්නට සැලසුමක් හැදෙමින් පවතින බවය. නැත්නම් කොමිස් වලට හෝ කිලෝමීටරයක පහසුවක් ස`දහා පමණක් මේ තරම් මුදලක් වැය කරයිද? ජාතික භෞතික සැලසුම නමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේ සකස් කළ පොතේ සිංහරාජය ඇතුළේ වාහනවලින් ගොස් නරඹන ප්ලෑනක් තිබේ. ඒ කියන්නේ කුඩව ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරෙන මේ ඉන්ටර්ලොක් ගල් පාර දෙනියාය, ලංකාගම, පිටදෙනිය ප‍්‍රදේශ දක්වාම නීතිවිරෝධී ලෙස සහ බලහත්කාරයෙන් පතුරුවන්නේ නැතැයි කාට නම් කිව හැකිද? නැත්නම් කිලෝමීටරයක මේ පාරට විරුද්ධව පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශ්ව වලින් එල්ල වන විරෝධය පාලනය කරන්නට ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ තරම් වෙහෙසක් ගනියිද?
ඇතුළට ගල් කුඩු
සිංහරාජ පිවිසුමෙන් ඇතුළට ගොස් කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු අපට ගල් කුඩු හමු විය. පාරෙන් ඉවතට වීසි කරන ලද හෝ වැටුණු හෝ එම ගල් කුඩු සිංහරාජයේ දිරායමින් තිබූ කොළ ගොඩක් මතට වැටී තිබිණි. මේ රක්ෂිතය ඇතුළයි. ඇතුළේ වාහන යන්නට හෝ කිසිදු ඉදිකිරීමක් කරන්නට කොහොමත් අවසර නැත. එහෙම කරන්නේ කෙසේද? පොලිතින් කෑල්ලක් හෝ අරගෙන යන්නේද යන්න පිළිබ`දව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමසිලිමත්ව බලති. බිස්කට් පවා පොලිතින් පැකට්ටුව ඉවත් කොට බ‍්‍රවුන් පේපර් කවරයකට දමාගත යුතුය. එය අගය කළ යුත්තකි. ඒ නිසාම අපට සිංහරාජයේ කිලෝමීටර් අටක ගමනකින් පසුවත් ගෙනඒමට තිබුණේ කුඩා කවර දෙකක් පිරෙන තරම් පොලිතින් පමණකි.
මාතෘකාව ගල් කුඩු ය. කැලේ ඇතුළට මේ තත්ත්වය යටතේ ගල් කුඩු යා නොහැක. එහෙත් කෙසේ හෝ කවුරුන් හෝ රැුගෙන ගොස් ඇත. එය බරපතළ සාධකයකි. රක්ෂිතයෙන් එළියේ පරිසර සංවේදී කලාපයේ ඉන්ටර්ලොක් ගල් අල්ලා පාරක් හදයි. එය නීත්‍යනුකූල බවත්, එයින් කිසිදු හානියක් සිදුවන්නේ නැති බවත් කියන්නට ආණ්ඩුව විශාල මුදලක් වැය කරයි. ඒ අතරේ රක්ෂිතය අභ්‍යන්තරයෙන්ද ගල් කුඩු හමු වෙයි.
ජනාධිපති නම් පරිසර ඇමැති
මේ ව්‍යාපෘතිය කාලයෙන් කාලයට හිස ඔසවන්නකි. 2011 වසරේදී පරිසරවේදීන්ගේ සහ විද්වතුන්ගේ දැඩි විරෝධය නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට සිංහරාජයේ පාරවල් කැපීම ඇතුළු රක්ෂිත සංවර්ධන සැලැස්ම අකුළාගන්නට සිදු විය. එහෙත් 2017 ජනවාරි මාසයේදී පොළොන්නරුවේ මහ පොළොවෙන් උපන් බව කියන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මේ නීතිවිරෝධී ව්‍යාපෘතියට යළිත් අනුමැතිය ලබා දී තිබේ. ඒ ලෝක බැංකුවේ ණය මුදලට කෑදරකමින්ය. උපදින්නට සිටින දරුවන් පවා රුපියල් හාරලක්ෂයක ණයකරුවන් කර ඇති රටක, වන සම්පත පවා විනාශ කරන්නට ණයගන්නා දේශපාලනඥයන් ගැන ඔබට ඇත්තේ කුමන අදහසක්ද?
ජනාධිපතිවරයා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී පවසා තිබුණේ තමන් සියලූ ව්‍යාපෘති වලදී රක්ෂිත වලට අදාළ නීති අකුරටම ක‍්‍රියාත්මක කරන බවයි. පරිසර ඇගයීම් වාර්තා අකුරට සකස් කරන බවයි. එහෙත් රක්ෂිතයකට අදාළ සියලූ නීති රක්ෂිතයෙන් පිටත මීටර් පන්සියයක් යනතුරු ඒ ආකාරයටම අදාළ වන බව මේ නොදරු ජනාධිපතිවරයා නොදන්නේද? දන්නේය, නොදන්නා ලෙස ජනතාව රවටමින් මේ විනාශය සිදු කරන්නේය.
හතු සහ දිලීර
සිංහරාජය ඇතුළේ හතු වර්ග රැුසක් ඇත. හතු වගේම හැඩය ඇති දිලීර වර්ගද රැුසක් ඇත. හතු පිපී පරවන්නේය. දිලීර සීග‍්‍රයෙන් පැතිරෙන්නේය. ප‍්‍රදේශවාසීන්ට දර කෑල්ලක් කපාගන්නට සිංහරාජයට ඇතුළු වීම තහනම් ය. එහෙම ඇතුළට ගියත් ඔවුන් වනාන්තරය වනසන්නේ නැත. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ජනතාව වගේ හතු නොවේ. සීග‍්‍රයෙන් පැතිරෙමින් සියල්ල වනසන දිලීර ය. දිලීර පැතිරෙන විට හතු පිපෙන්නේ නැත.
ඒ කියන්නේ සියල්ල තීරණය කරන්නේ දිලීර ද? නැත, දිලීර වනසන්නට වනාන්තරයම ස්වභාවික උපක‍්‍රම භාවිත කරයි.
ශාලික විමලසේන / කසුන් පුස්සෙවෙල / දිල්හාන් විමල්ක / ජනක විජේගුණතිලක
ලංකා ඉරිදා සංග්‍රහය – 2019.01.20
