FEATURED

හරීන්ට මිලියනයක පගාවක් දෙන්න ගිය සනත්ගේ වැඩ තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු ලෙස සේවය කරන සනත් ජයසුන්දර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට මිලියනයක අල්ලසක් දීමට උත්සාහ ගෙන ඇති බවත් මේ හේතුවෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට ක්‍රිකට් ආයතන පරිපාලනය තීරණය කර ඇති බවත් මව්බිම පුවත්පත වාර්තා කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීම සඳහා තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අයි.සී.සී.යද දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

එම ප්‍රකාශයේ නිවැරදිතාවය මෙම සිදුවීමෙන් ඔප්පු වන බවත්, ඔහුට විරුද්ධව ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයෙන්ද චෝදනා එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු උපුටා දක්වමින් මව්බිම වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද ඔහුට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙන බවද දැනගන්නට ඇත. මේ අතර මෙම කරුණු හේතුකොට ගෙන ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල් දැමීමටත්, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නව අතුරු කමිටුවක් පත්කිරීමටත් බොහෝ දුරට ඉඩ ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top