FEATURED

මෛත්‍රී තජිකිස්ථානයට, රනිල් සිංගප්පූරුවට – රට කතානායක යටතට

තෙදින නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගොස් තිබෙනවා. මේ අතර සමුළුවකට සහභාගී වීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන තජිකිස්ථානය බලා පිටත්ව තිබෙනවා.

වෙබ් අඩවි වාර්තාවලට අනුව අගමැතිවරයා සිය රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ගිය බවක්ද වාර්තා වී තිබෙන අතර ඇතැම් වාර්තා වල සඳහන් වන්නේ සිංගප්පූරුවේ හෘද සැත්කමකට භාජනය වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා අගමැතිවරයා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවී දෙමසක් ගතවී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම රටින් බැහැරව සිටීම ජාතික ආරක්ෂාව නැවතත් අනතුරේ හෙළීමක් බව ආරක්ෂාව පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා නොමැති අවස්ථාවවල වගකිව යුත්තා වන්නේ කතානායකවරයායි. ඒ අනුව මේ මොහොතේ රටේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කතානායකවරයායි. නමුත් නිල වශයෙන් ජනාධිපතිධූරයේ හෝ අගමැතිධූරයේ වැඩ බැලීම සඳහා කිසිවෙකු පත් කිරීමක් සිදුව නැත.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top