Main Stories

හදිසි කැබිනට් රැස්වීම 3ට, විධායකය අහෝසි කරන්න රනිල් මෛත්‍රී සාකච්ඡාවක්!

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිත බව කැබිනට් අමාත්‍යවරුන්ට දන්වා තිබේ.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධනය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද ආරංචි මාර්ග පවසයි.

මේ අතර ගොඩ නැගීමට යෝජිත සන්ධානය පිළිබඳ රහස් සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රියේ පවත්වා තිබුණද එය අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන දිනය පිළිබඳ මතය විමසීමටද ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. එසේ වුවහොත් ජනාධිපතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top