එජාප නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ බව වාර්තා වේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුතු බව එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබේ. නමුත් එහිදී තෝරා ගන්නා ක්‍රමවේදය පිළිබඳව හෝ යෝජනා කරන අපේක්ෂකයින් පිළිබඳව අවසන් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී තිබෙනවා.
මෙම සාකච්ඡාව අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති අතර කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීමේ අර්බුධය නිමා පිණිස මෙම සාකච්ඡාව සැළසුම් කර තිබුණි.
