ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා තමන්ට හිමි වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ අව් වැසි නොතකා කොටුම දුම්රියපල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ.
ඔවුන්ගේ සම්පූර්ණ ඉල්ලීම වූයේ ඔවුනට නැවත රැකියාවක් සිදුකළ නොහැකි නිසා ජීවිත කාලයටම තනතුරට හිමි වැටුප ලබා දෙන ලෙසටයි.
දින කිහිපයකට පසු අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන්ගේ එම ඉල්ලීම යම් ප්‍රමාණයකින් ඉටු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් අවසන් වරට ලැබූ වැටුප ජීවිත කාලය දක්වාම විශ්‍රාම වැටුපක් ලෙස ලබා දීමට තීරණය කර තිබේ.
කැබිනට් තීරණය ඔවුන්ගේ සම්පූර්ණ ඉල්ලීම එලෙසින්ම ඉටු කිරීමක් නොවුනත් යම් ප්‍රමාණයකින් ඉටු කිරීමක් වන බව පෙනී යයි. නව තීරණය සමග උද්ඝෝෂණය අවසන් කරනවාද නැද්ද යන්න පිළබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නැති බව උද්ඝෝෂණයේ නිරත රණවිරුවෙකු “සත්දින”ට ප්‍රකාශ කළේය.
Please follow and like us:
