News

යෝෂිතව නැවත සේවයේ පිහිටුවයි – හිඟ වැටුප් හා උසස්වීමුත් ලැබෙයි

වැඩ තහනමට ලක්ව සිටි නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයක් අනුව යළි සේවයේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. අදාළ නියෝගය ප්‍රකාරව යෝෂිත රාජපක්ෂ මහතා නැවත සේවයේ පිහිටුවීමට අදාළ ලේඛණයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් තබා ඇත.

නාවික හමුදාව විසින් 2016 පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ වැඩ තහනම් කර තිබිණි. නමුත් යළි සේවයේ පිහිටුවීම සිදු කර තිබෙන්නේද 2016 පෙබරවාරි 28 වැනිදා සිට බලපවත්වන ලෙසිනි. ඒ අනුව ඔහුට හිඟ වැටුප් හා උසස්වීම්ද ඒ ආකාරයෙන්ම ලැබීමට නියමිතයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top