අපේ රටේ කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් ප්‍රමාණය සීමිත වීම යම් තරමක ගැටලුවක්. අපේ සිනමාව නඟා සිටුවන්න ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සිටීම මැදි ආදායම් රටක් විදියට අත්‍යවශ්‍ය සාධකයක්.
නමුත් අද මේ කියන්න යන්නෙ අපේ රටෙන් බිහිවෙලා අපේ රටේම ජීවත්වෙන ගමන් ඉන්දියාවෙත් තමන්ගෙම කියලා ප්‍රේක්ෂකයින් එහෙමත් නැත්නම් රසිකයින් ගොඩ නගාගත්ත චරිතයක් ගැන.
ඔහු නමින් සුදත් ජයසිංහ. කිබෝඩ් වාදකයෙක් වන ඔහු යූටියුබ් චැනලයක් පවත්වාගෙන යමින් සිය හැකියාවෙන් වැඩක් ගන්න තරුණයෙක්. නමුත් ඔහුට රටෙන් සාධාරණයක් ඉෂ්ට වෙලාද කියන එක නම් ගැටලුවක්.
ඔහුගේ යූටියුබ් හරහා විකාශය කරන වාදනයන් ඉන්දියානු ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රියයි. ඔහු සිදු කරන්නේ ඉන්දියානු හිංඳි ගීත ඒ ආකාරයෙන්ම වාදනය කිරීම. ඒ අතරට සිංහල ගීත එකතු කිරීමටත් ඔහු අමතක කරලා නෑ. ඔහුගේ ඇතැම් ගීත කෝටි එකහමාරක් පමණ නරඹලා තියෙනවා.
ඔහුගේ යූටියුබ් චැනලට මෙතැනින්. Sudath Jayasinghe
පහළින් තියෙන්නෙ ඔහුගේ වාදනයන් අතුරින් මිලියන 2ට වඩා නැරඹුම් ඇති වීඩියෝ කිහිපයකි.
