Editor's Pick

එජාප මන්ත්‍රී හේෂා අධිකරණය මග හරී, අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

මුදල් වංචාවක් කළැයි පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කර තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඔහුට අයත් ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව ඇඹිළිපිටිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

නඩුව සදහා මන්ත්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැදවු අද (30) දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතීඥ මණ්ඩලයක්ම පෙනි සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ රසාංගා රන්මදු මහත්මිය ඇතුළු නීතිඥවරුන් දෙදෙනෙකු පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

නමුත් ඉදිරිපත් වූ කරුණු මත මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය නිකුත් කර තිබේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top