පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි එල්ලවීමේ හැකියාවක් ඇති බව කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් යවන ලද බව සැලකෙන ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක පැමිණීමේ ලේඛන පරීක්ෂා කරන්නැයි ද, තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවද, ඒ සම්බන්ධ විස්තර පොලිසිය සතු බවද එහි දැක්වේ.
මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතින බවද පැවසේ.ලිපියෙහි අඩංගු කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැත.
රට තුළ යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් එම ලිපිය යොමු කරනු ලැබුවද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
(සන්ඩේ ටයිම්ස් ඔන්ලයින් ඇසුරිනි)
