Main Stories

ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය අදයි

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බාර ගැනීම අද (07) පෙරවරු 9 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ දහවල් 12න් අවසන් වූ කාලය ඇතුළත ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් 41 දෙනාට අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාම යෝජනා පත්‍ර බාරදිය හැකිය. එලෙස බාරදෙන නාමයෝජනා වෙනුවෙන් පෙරවරු 9.00 සිට 11.30 දක්වා කාලසීමාව තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි යැයිද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව අදාළ තාක්ෂණික කරුණු සලකා බලා විරෝධතාද සැලකිල්ලට ගෙන එම නාමයෝජනා පත්‍ර පිළිගන්නා බවද කොමිසම පවසයි.

පිළිගන්නා නාම යෝජනා හා ප්‍රතික්ෂේප වන නාම යෝජනා සම්බන්ධයෙන් ඉතා කෙටි වේලාවක් තුළ දැනුම් දීමටද කටයුතු කරන බවද මැතිවරණ කොමිසම පවසයි.

නාම ‌‌යෝජනා බාරදීම සඳහා සුදුසුකම් ලැබූ 41 ‌ෙදෙනාගේ නාම ‌ලේඛනය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top