Editor's Pick

සජිත් ප්‍රේමදාස රු. කෝටි 5ක් වියදම් කර ජාතික පුවත්පත් මුල්පිටු මිලදී ගනී

2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති සජිත් ප්‍රේමදාස ඔක්තෝබර් 6 වැනි ඉරිදා ජාතික පුවත්පත් රැසක මුල් පිටු වෙනුවට ව්‍යාජ මුල්පිටුවක් එකතු කරමින් සිය දැන්වීමක් පළ කර තිබෙනවා. ඒ සඳහා රු. කෝටි 5කට අධික මුදලක් වැය වී ඇති බව එම පුවත්පත් හී දැන්වීම් ගාස්තුවලින් හෙළි වී තිබෙනවා.

ලංකාදීප, දේශය, මව්බිම, සිළුමිණ, දිවයින හා ඉංග්‍රීසි භාෂාවෙන් පළ වන පුවත්පත් කිහිපයකත් අදාළ දැන්වීම පළ කර තිබෙනවා.‍ මෙලෙස දැන්වීම් පළ කිරීම මුල්වරට සිදුවූයේ 2015 ජනාධිපතිවරණය සමයේයි.

වාර්තා වන පරිදි නොවැම්බර් 13 වැනි දිනයේද ජාතික පුවත් පත් බොහොමයක මුල් පිටුව මෙලෙස දැන්වීමක් පළ කිරීම සඳහා වෙන් කරවාගෙන තිබෙනවා. ගෙවී ගිය පාවහන් යුවලක ඡායාරූප යොදාගෙන සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් හා තමන්ට මුදල් නොමැති බැවින් ජනතාව වෙත තමන් යන බව සජිත් ප්‍රේමදාසම පවසමින් මෙලෙස එක දිනයක පුවත්පත් දැන්වීම් මාලාවක් සඳහා පමණක් මිලියන 50කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතිනවා.

‘සත්දින’ට වාර්තා වන පරිදි අදාළ දැන්වීම් ගාස්තු මෙසේය.

ලංකාදීප – රු. එක් කෝටි හතලිස් නම ලක්ෂයයි
දේශය – රු. ලක්ෂ විසි හයයි
සන්ඩේ ටයිම්ස් – රු. ලක්ෂ හැත්තෑ නවයයි

මව්බිම – රු. ලක්ෂ හැටයි
සිලෝන් ටුඩේ – රු. ලක්ෂ හතලිහයි

දිවයින – රු. හැට හත් ලක්ෂ විසි පන් දහසයි
සන්ඩේ අයිලන්ඩ් – රු. හතලිස් හතර ලක්ෂ පනස් දහසයි

සිළුමිණ – රු. ලක්ෂ හතලිහයි
සන්ඩේ ඔබ්සවර් – රු. ලක්ෂ තිහයි

වීරකේසරී – රු. ලක්ෂ දහ අටයි
තිනකුරල් – රු. ලක්ෂ දොළහයි

මුළු එකතුව රු. පන් කෝටි හැට පන් ලක්ෂ හැත්තෑ පන් දහසයි (රු. 56,575,000.00)

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top