2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතුරින් පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. නමුත් සියළු කරුණ සළකා බැලූ අධිකරණය අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කිරීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නාම යෝජනා බාර දෙන අවස්ථාවේ යළිත් විරෝධතා යොමු කරන බවට දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරු වර්තා විය.
නමුත් අද උදෑසන 11.30න් අවසන් වූ කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කිසිඳු විරෝධතාවයක් එල්ල නොවීය. ඒ අනුව ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සියලු ජනාධිපති අපේක්ෂකයින් විසින් පිළිගෙන ඇතැයි පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.
නාම යෝජන බාරදුන් එම්.කේ සිවාජිලිංගම්ට හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන දෙදෙනාට එරෙහිව පිළිවෙලින් සරත් මනමේන්ද්‍ර හා බත්තරමුල්ලේ සීලරතන හිමි යන ජනාධිපති අපේක්ෂකයින් විසින් විරෝධතා එල්ල කර තිබූ අතර මැතිවරණ පනත ප්‍රකාරව එම විරෝධතාවයන්ද ඉවත දැමූ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
ඒ අනුව නාම යෝජනා බාරදුන් 35 දෙනාගේම නාම යෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කළේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයේ නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ඇති බව එජාප මන්ත්‍රී අමාත්‍ය රාජිත සේනාරත්න පවසා තිබේ.
