අගමැති රනිල්ගේ අභියෝගයට සජිත් මුහුණ දෙන දිනය අදයි, අලුත්ම අභියෝග මෙන්න

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය අවශ්‍ය නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දිනා පෙන්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අභියෝග කළ බව මීට පෙර වාර්තා විය. කෙසේ වුවද එම අභියෝගය ව්‍යර්ත වූයේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඇල්පිටිය ඡන්දයට පෙර අවසන් වීම නිසාය.

එසේ වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ පූර්ණ බලය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට කටයුතු කර තිබිණි. නමුත් පසුව එජාප පාර්ශවයෙන්ම ඇල්පිටිය මැතිවරණයෙන් එජාපය ජය නොලබන බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් එය පොහොට්ටුව දිනන බවට ප්‍රකාශ නිකුත් කළ අතර පොහොට්ටු පාර්ශවයෙන් මුලින් සජිත් ප්‍රේමදාසට අභියෝග කර සිටියේ අවම වශයෙන් එක් කොට්ටාසයක් හෝ දිනා පෙන්වන ලෙසයි.

නමුත් අවසානය වන විට එජාපයෙන් පොහොට්ටුවට අභියෝග කළේ හැකි නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් 80%ක් ලබා පෙන්වන ලෙසයි. එම අභියෝගය බාර ගනිමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එජාපයට අභියෝග කළේ හැකි නම් ඇල්පිටියෙන් 20%ක් ලබා පෙන්වන ලෙසයි.

අගමැති කාර්යාලයේ නිලධාරියෙකු වන තුෂාර ඩී. වන්නිආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතීත මැතිවරණ ප්‍රතිඵල මෙසේය.

ඇල්පිටිය
(පූර්ව මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන)
=============================

මහ මැතිවරණය 1965
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22085
ශ්‍රීලනිප 21084

මහ මැතිවරණය 1970
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22709
ශ්‍රීලනිප 29801

මහ මැතිවරණය 1989
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 18482 (46.12%)
ශ්‍රීලනිප 15849 (41.26%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

මහ මැතිවරණය 1994
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22059 (40.5%)
පොඑපෙ 31222 (57.3%)
සමස්ථ දිවයිනේ ජය – පොඑපෙ

මහ මැතිවරණය 2000
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22811 (38.92%)
පොඑපෙ 30213 (51.55%)
සමස්ථ දිවයිනේ ජය – පොඑපෙ

මහ මැතිවරණය 2001
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 25054 (41.71%)
පොඑපෙ 26732 (44.5%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

පළාත් පාලන මැතිවරණය 2002
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 15513 (48.27%)
පොඑපෙ 12811 (39.86%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

මහ මැතිවරණය 2004
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22243 (37.23%)
එජනිස 34840 (58.31%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

ජනාධිපතිවරණය 2005
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ 38779 (59.17%)
රනිල් වික්‍රමසිංහ 25767 (39.31%)
සමස්ථ දිවයිනේ ජය – මහින්ද රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය 2006
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10308 (36.43%)
ජාසංපෙ 12954 (45.79%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස (ජාසංපෙ)

මහ මැතිවරණය 2010
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 12592 (25.93%)
එජනිස 32926 (67.8%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

පළාත් පාලන මැතිවරණය 2011
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10427 (30.59%)
එජනිස 19954 (58.54%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

ජනාධිපතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ 42015 (59.08%)
මෛත්‍රීපාල සිරිසේන 28287 (39.78%)
සමස්ථ දිවයිනේ ජය – මෛත්‍රීපාල සිරිසේන

මහ මැතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 26559 (40.83%)
එජනිස 34275 (52.70%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

ඒ අනුව ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද සංඛ්‍යාවෙන් 59.08%ක්ම ලබාගෙන ඇත. එජාපය ජයග්‍රහණය කළ 2015 මහ මැතිවරණයේදීද 52.70%ක් ලබාගෙන ආසනය ජයගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *