ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දුන් බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ට සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දුන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලකට තමන් දැරූ ධූර වලින් ඉල්ලා අස්වීමට සිදු ඇත. බස්නාහිර ආණ්ඩුකාරධූරයේ වැඩ බැලීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර පත් කර ඇති බවද වාර්තා වේ.
2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන වීමට ගත් තීරණය හේතුවෙන් ජනාධිපති කාර්යාල නිලධාරීන් ඇතුළු ජනාධිපතිවරයා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන්, සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් සියළු දෙනාටද ස්වාධීන වන ලෙස හෝ ධූරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව ප්‍රථමයෙන්ම ඉල්ලා අස්වීම බාර දී ඇත්තේ ශිරාල් ලක්තිලක බවද පැවසේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිව සිටි සුමිත් ලාල් ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.
