ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අතර අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර ඇත.
ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්‍ෂාවක් දිය යුතු බැවින් යැයි සදහන් කර ඇත.
