Main Stories

නොවැම්බර් මුල් සතියේ දැඩි දේශපාලන පෙරළියක් – එජාප ප්‍රබලයින් රැසක්ම පොහොට්ටුවට!

‍මෙවර ජනාධිපතිවරණය ඉතිහාසයේ පිල් මාරු අවම ජනාධිපතිවරණයක් වශයෙන් මෙතෙක් වාර්තා විය. ප්‍රධාන මට්ටමේ දේශපාලනඥයින් හා පක්ෂ පිල්මාරු කිරීම් අවම වූ මැතිවරණයකි.

නමුත් මෙම තත්වය නොවැම්බර් මස මුල් සතියේදී වෙනස් වනු ඇතැයි වාර්තා වේ. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා “සත්දින”ට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කිසිවෙකු නොසිතන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක්ම මේ වන විට පොහොට්ටුවට සහය දීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි. එහෙත් ඇතැමුන්ගේ සහය ගැනීම තම පක්ෂයේ සහ තම ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිවලට පටහැනි වී තිබෙන බවද ඔහු කියා සිටියා. එවැනි ප්‍රබල දේශපාලනඥයින් තිදෙනෙකු නැවත හරවා යැවූ බවත් එවැනි ගැටළු නොමැති පුද්ගලයින්ගේ සහය ලබා ගැනීමට පක්ෂය තීරණය කළ බවත් ඔහු අනාවරණය කර සිටියා. මෙම ප්‍රබල දේශපාලනඥයින් අතර දිස්ත්‍රික්ක 8ක් නියෝජන කරන දේශපාලනඥයින් සිටින බවත් ඔවුන් පසුගිය මැතිවරණවලදී පළමු හෝ දෙවැනි තුන්වැනි තැනට මනාප ලබාගත් පිරිසක් බවත් ඔහු හෙලි කර සිටියා. ඔවුන් කණ්ඩායමක් වශයෙන් සම්බන්ධ කරගන්නවා ද නැතහොත් තනි තනි වශයෙන් සම්බන්ධ කරගන්නවාද යන්න පිළිබඳ මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.‍

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ තම කණ්ඩායමේ එදා සිට හිටපු පිරිසට පවා ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු අමාත්‍යධූර ලබා ගැනීම මේ වන විට අවිනිශ්චිත වී ඇති බවයි. මේ මොහොතේ රට වෙනුවෙන් තම කණ්ඩායමට සහය දෙන පුද්ගලයින්ට තනතුරු ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දීමට තම පක්ෂය තීරණය කර තිබීම මීට හේතු වී තිබෙන බවද ඔහු පවසා සිටියා. තනතුරු, තානාන්තර හා වරප්‍රසාද රට වෙනුවෙන් කැප කිරීමට තම කණ්ඩායම කිසි විටෙක නොපැකිලෙන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව එජාපයේ හා ජවිපෙ ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට පැමිණ ඇති බැවින් ජනාධිපතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණට මෙතෙක් බලය නොලැබී තිබුණ ප්‍රාදේශීය සභා හා නගර සභා රැසකද බලය ලබා ගැනීමට හැකිවී තිබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතුද සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top