Main Stories

මගේ ආණ්‌ඩුවේ වංචා, කොමිස්‌, දූෂණ නෑ ඒවාට ඉඩත් නෑ – ජනාධිපති අපේක්ෂක, වත්මන් රජයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

දශක ගණනාවක සිට මෙරට දේශපාලනඥයන් සිදුකළ ඓතිහාසික මංකොල්ලය සම්පූර්ණයෙන්ම නතර කර රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබාදෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක්‌ නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස්‌ පළකළේ පෙරේදා (24 දා) දින රාත්‍රියේ මාතර දිස්‌ත්‍රික්‌කයේ, දෙවිනුවර, දික්‌වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවට එක්‌වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. zකවුරුන් හෝ දේශපාලනයට එන්නේ රැකියාවක්‌ කිරීමට හෝ කෝටිපතියන් වන්නට නම් එය වැරදි ක්‍රියාවක්‌. මින් ඉදිරියට මගේ රජය තුළ කොන්ත්‍රාත් ගනුදෙනු, මහජන සම්පත් මංකොල්ලකෑම්, ගසාකෑම්, සොරාකෑමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. දශක ගණනාවක සිට දේශපාලනඥයන් ජාතික සම්පත්, මහජන දේපළ විනාශ කළ යුගයට තිත තබා රටේ සියලු ප්‍රතිලාභ සෑම ජන කොටසකටම ලබා දෙන සංවර්ධනයේ පාරාදීසය බවට අපේ මාතෘ භූමිය පත් කරනවා.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top