Main Stories

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 31දා පිහිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට ප්‍රමාණයකින් පසු දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව පිහිටුවන “ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය” සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් මස 31 වනදා කොළඹ පදනම් ආයතනයේ දී සිදුකිරීමට නියමිත යි.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු සියළු මැතිවරණවලදී දෙපාර්ශවය එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ “පුටුව” ලකුණින් තරග කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබේ. දැනට පොදුජන පෙරමුණ නමින් දී.මූ. ජයරත්න මහතාගේ මහලේකම්කමින් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පක්ෂය මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.

‍මෙය 2004 දී ජනතා විමුක්ති පෙරමුණ සමග ආරම්භ කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන් සන්ධානයක් බවත් ඉතිහාසයේ දැවැන්තම සන්ධානය වනු ඇති බවත් එම පක්ෂවල නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ රැසක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

එම පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තාවන තොරතුරු අනුව නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාත් ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතාත් යෝජනා වී තිබෙන බව වාර්තා වේ. උප සභාපති ලෙස මහින්ද අමරවීර සහ මහාචාර්ය ජීඇල් පීරිස් යන මහත්වරුන්ද උප ලේකම්වරුන් ලෙස දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් යන මහත්වරුත් යෝජනා වී තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.‍

ජනාධිපතිවරණයෙන් පසු එම සන්ධානයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමටද යෝජනා වී ඇතැයි වාර්තා වේ.

-rivira.lk

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top