ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ කාල සීමාව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරමින් සිය පක්ෂයේ දේශපාලන කටයුතු වලින්ද ඉවත් වීමට කටයුතු කළේය. නමුත් මේ වන විට එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි “සත්දින”ට වාර්තා වේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවන්වල නිරන්තරයෙන්ම ජනාධිපතිවරයා විවේචනය කරමින් ප්‍රබල චෝදනා එල්ල කිරීම් සිදු කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇතැයිද වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රාජිත සේනාරත්න යන පිරිස නිරන්තරයෙන්ම සෑම කතාවක් තුළම ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කරමින් චෝදනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කණස්සල්ලට පත්ව ඇති හෙයින් මෙම තීරණය ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවට ගොඩ වීමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ඉන්පසු ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමටද අවශ්‍ය කටයුතු සැළසෙමින් තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
