ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය උතුරේ ක්‍රියාත්මක කිරීම බාරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ය.
ඔහු මේ වන විට උතුරු පළාතේ රැස්වීම් දහස් ගණනක් පවත්වා ඇති බවත් ගම් නියම්ගම් පුරා ඇවිදිමින් එහි සාමාන්‍ය ජනතාව සමග ඉතා ඉහළ සම්බන්ධතාවයක් පවත්වන බවත් වාර්තා වේ. එහි පැවැත්වෙන බොහෝ උත්සවවල ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ මහතාට විශාල ලෙස ඇරයුම් ලැබෙන බවද වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ උතුරේ තරුණයින් බොහෝ දෙනා නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව ඇති බවයි. නාමල් රාජපක්ෂ මහතාට යාපනය දිස්ත්‍රික්කය බාරගෙන ඉදිරි මැතිවරණවලදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලෙසද උතුරේ ජනතාව නිරන්තරයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ. නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ උතුරෙන්ම අලුත් දේශපාලන නායකයින් බිහි විය යුතු බවයි. ඊට තම පූර්ණ සහය ලබාදෙන බවද ඔහු පවසා තිබෙනවා.
