එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන තෙක් උපවාසයක් ආරම්භ කිරීමට මෙවර ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති අපේක්ෂකයෙකු තීරණය කර ඇතැයි සමාජ ජාලාවල වාර්තා පලවෙයි.
ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරන මෙම අපේක්ෂකයා හෙට දිනය තුල මෙම උපවාසය ආරම්භ කරනු ඇතැයිද සදහන්ය. මීට අමතරව තවත් පුද්ගලයින් පිරිසක්ද එවැනි උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වන බවද සමාජ ජාල තුළ සටහන් වී තිබේ.
සාමාන්‍ය පෙළ අසමතෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට රටකට ඉතා නොගැලපෙන්නක් බව අදාළ ජනාධිපති අපේක්ෂකයාගේ මතය වී ඇති අතර ලංකාවේ සබුද්ධික ජනතාවට නායකත්වය දීමට එවන් වූ නූගතෙකු නොගැළපෙන බවද ඔහුගේ මතය වී ඇත.
සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභාගය පවා අසමතෙක් බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනෙකුද පසුගියදා චෝදනා කරන ලද අතර තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි මේ වන තෙක් පේ‍්‍රමදාස මහතා හෙලි කර නැත.
