සරත් ෆොන්සේකා මහතා තමන්ට සහය දෙන්නේ නම් මුදල් අමාත්‍යංශය හැර වෙනත් ඕනෑම අමාත්‍යංශයක් ලබාදීමට හැකි බව පොහොට්ටුවේ පිරිස් පැවසූ බවක් සරත් ෆොන්සේකා මහතා පැවසූ බව වෙබ් අඩවි වාර්තා සඳහන් කර තිබෙනවා.
සත්දින මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි කිසිම යෝජනාවක් සරත් ෆොන්සේකා මහතාට තම පාර්ශවයෙන් ඉදිරිපත් නොකළ බවයි. ඔහු පැවසුවේ සරත් ෆොන්සේකා මහතාගේ සහය ගැනීමට තම පක්ෂයේ බොහෝ දෙනෙකු අකමැත්ත ප්‍රකාශ කිරීමක් පමණක් සිදු වූ බවයි.
ඔහු විසින් සිදු කරන ද්වේශ සහගත ප්‍රකාශයන් දකින කිසිවෙකු සරත් ෆොන්සේකාගේ සහය ගැනීමක් පිළිබඳ සිතීම හෝ නොකරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පැවති රජයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා කළ අනාවරණයන් ඇගයීම පමණක් තම පක්ෂයේ පිරිස් සිදුකළ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
