Editor's Pick

හිටපු ඇමති රාජිතට බරපතල චෝදනාවක් – රෝහල් අධ්‍යක්ෂ කට අරී

යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු විය. ‘සුවපති’ යන නාමයෙන් හැඳින්වූ රාජිත සේනාරත්න මහතා දුන් බව කියන උපදෙසක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ ජීවිතයද අවදානමකට ලක්ව ඇති බව ඉන් පෙනී යයි.

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය” පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට උපදෙස් දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවැසීය.
 
රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් සෑම සතියකම වෛද්‍ය සැපයුම් අංශයට යැවීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඒ පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
 
මේ වනවිටත් රෝහලේ පවතින දැඩි ඖෂධ හිඟයට පිළියම් ලෙස රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද ඊට නව සෞඛ්‍ය ඇමැතිවරියගේ අනුමැතිය ලැබී ඇතැයිද විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
 
වසර 19ක් පුරා අපේක්ෂා රෝහලට සේවය කළ තමාව මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත කළ අභියානයක් අනුව එය වළක්වා ගත හැකි වූ බවද ඔහු කීවේය.
 
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද අධ්‍යක්ෂවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ වහාම සිදුකළ යුතු බවද ඔහු පෙන්වා දුනි.

-rivira.lk

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top