Foreign

ලන්ඩන් ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී

“ලන්ඩන් බ්‍රිජ්” නම් පාලම මත ඊයේ (29) සවස 2ට පමණ සිදුවූ පිහි ඇනුම්වලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් සංවිධානය සිය මාධ්‍ය නිවේදන නිකුත් කරන අමාක් වෙබ් අඩවිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති වීමද විශේෂත්වයකි.

ප්‍රහාරකයා 2012 වසරේදීද ත්‍රස්ථ කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ උස්මාන් කාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකු බව ලන්ඩන් නාගරික පොලිසිය පවසා තිබෙනවා.

Usman Khan, 28, was jailed in 2012

බන්ධනාගාර ගතවූවන් පුනුරුත්තාපනය කිරීම පිළිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට මෙලෙස බන්ධනාගාර ගතවූවන් පිරිසක් හා සිසුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. ප්‍රහාරකයාද ඊට සම්බන්ධ වූවෙකු බව මේ විට අනාවරණය වී තිබෙනවා.

සැකකරු ව්‍යාජ බෝම්බයක් අටවාගෙන සිටි බැවින් සිදුවීම පාලනය කිරීම සංකීර්ණ වී තිබෙන බවත් සඳහන්. කෙසේ නමුත් සිදුවීම අතරතුර පොලීසිය විසින් උස්මාන් කාන් වෙඩි තබා ඝාතනය කර ඇති බවද ලන්ඩන් නාගරික පොලීසිය තහවුරු කර තිබෙනවා.

Police and emergency services at the scene of an incident on London Bridge in central London following a police incident, Friday, Nov. 29, 2019. British police said Friday they were dealing with an incident on London Bridge, and witnesses have reported hearing gunshots. The Metropolitan Police force tweeted that officers were ???in the early stages of dealing with an incident at London Bridge.??? (Gareth Fuller/PA via AP)

-රිවිර වාර්තාවක් ඇසුරිණි

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top